Sunday 27 October 2013

foreigners how to bring in diseases

ඉතින් යාලුවනෙ බොහොම  කාලෙකින් බොලොක්කයට ආවේ. අද නම් කියන්ඩ යන්නේ මැලේසියාවෙ විස්තරයක්. හැබැයි ඉතින් සතුටුදායක පුවතක්නම් නෙමෙයි.


මේවන විට මැලේසියාවේ සමහරක් ප්‍රදේශවල ඉතාමත් දරුණු ලෙස වසන්ගත රෝග පැතිරෙමින් පවතින බව සදහන්. පුවත්පත්වල සදහන් වන්නේ මේ ප්‍රමාණය සමස්ත විදේශික සේවක ප්‍රමාණයෙන් 23 ක් පමණ වන බවයි. එනම් සoඛ්‍යාත්මක වශයෙන් මිලියන 1.3 පමණ වන බවයි. මෙම සේවකයන් නැවතත් ඔවුන්ගේ රටවලට යවමින් තිබෙනබවද සදහන්.

මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මෙම තත්වය රටේ ආගමන විගමන නීති ලිහිල් කිරීම සදහාද බලපෑමක් වී ඇතිබවයි. මේනිසා නීතිමය වශයෙන් පමනක් සේවකයන් මෙරටට ලබා ගැනීමට මැලේසියානු රජය උත්සුක වනබවද සදහන් වේ.

මෙම රෝග තත්වයන් බෝවන ප්‍රදාන ජාතීන් වශයෙන් ඉන්දුනීසියා, නේපාල්, බන්ගලාදේශ්, මියන්මාර් යන ජාතීන් හදුනාගෙන ඇතිබවද සදහන්.