Friday 19 December 2014

සෙක්ස්, ඩබල් එක්ස් සහ ත්‍රිබල් එකස් (sex, xx & xxx)

අවුරුද්දේ අවසානයටත් ආවා. මේ දවස් වල වැඩියෙන්ම කතාකරන දෙයක් තමයි අන්තර්ජාල සෙවීම් පිලිබදව ගුගල් ආයතනය මගින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාව. ආසියාතික රටවල ප්‍රසිද්ද රහසක් වු ඒ ඒ රටවල සංස්කෘතියත් එක්ක තදින්ම බැදී ඇති, තරුණ පිරිස් අතර පවා ගැබුරු අවබෝදයක් නැති ලිංගිකතිවය නතිනම් අපිට තේරෙන භශාවෙන් කියන SEX. 

අපි කවුරුත් දන්න ගුගල් දෙයියොම කියලා තියෙනවා 2014 වසරෙත් sex කියන වචනය වැඩෙයෙන්ම search කරල තියෙන්නේ ලංකාවෙන් අන්තර්ජාලය සමග සම්බන්ද වෙන පිරිස කියලයි. මේ ආකරයෙන් sex කියන වචනය search කිරේම නිසා ලංකාව පළ්මුවෙනි තැනට ඇවිත් තියෙන තුන්වැනි වර්ශය තමයි 2014 අවුරුද්ද. 

මේ විදියට පිටපිටම අවුරුදු තුනක් පලමු තැනට එන්ඩ ප්‍රදානම හේතුව වෙන්නෙ මේ පිලිබදව නිසි අවබෝදයක් නොමැති වීමයි. තමන් search කරන කරුණ කුමක්ද යන්න ගැන සංස්කෘතික හා සමාජීය වශයෙන් ගැටලුවක් තිබුනත් සක්ශරතාවයෙන් හා තාක්ශණික වශයෙන් විශාල දියුණුවක් ලබා ඇති ලංකාව අන්තර්ජාල සෙවුම් සම්බන්දයෙන් මෙවැනි තත්වයක තිබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක්. 

sex, xx & xxx යනු ප්‍රාථමික මට්ටමේ සෙවුම් වදනක් (key word) ලෙස අන්තර්ජාතික වශයෙන් පවා පිළිගනු ලබන්වා. වෙනත් රටවල   ලිංගිකත්වය විදහා දැක්වෙන චිත්‍රපට නැතිනම් pornography සමාන්‍ය දෙයක් වුවත් අන්තර්ජාලය භාවිතාකරන පුදිගලයා විසින් තමන්ට අවශ්‍ය කරණ කාණ්ඩය category තෝරා ගැනීමට තරම් දැනුවත් වීම වෙනත් රටවල් මෙම කාණ්ඩ්යේ පළමු තැන්වලට නොපැමිණීමට හේතුවක් වෙනවා. 

මේනිසා ලංකාව තුල අන්තර්ජාලය බාවිතා කරන්නන් පිළිබදව යම් ආකරයක වැරදිසහගත වැටහීමක් ඇති නොවීම සදහා නිවැරදි අන්තර්ජාල සෙවුම් internet search පිළිබදව සැලකිලිමත් වීම වැදගත් වෙනවා.